2012 හැත්තෑ පස්වෙනි ජුබිලිය සමරන
වැලිවේරිය සාන්ත අන්තෝනි දෙව් මැදුරේ අසිරිය

වැලිවේරිය කතොලික අප සැමගේ මුදුන් මල්කඩ වන්නේ අප යදින පුදින වැලිවේරිය සාන්ත අන්තෝනි දෙව්මැදුරයි. වසර සියයකටත් වඩා විසිරී ගිය අභිමානයකින් හෙබි අප දෙව්මැදුර හැත්තෑ පස් වසර ජුබිලිය සැමරීම සඳහා අප සැම මේ වන විටත් සූදානමින් සිටිමු.

දෙව් මැදුරේ සියළු වැඩ නිමවා සාන්ත අන්තෝනි මුනි තුමාට භක්තියාදරයෙන් කැපකල දිනයේ 1937 සිට ඉදිරියට විත් එළඹෙන 2012 වසර, හැත්තෑ පස් වෙනි ජුබිලි වසර සැමරීමේ තේමාවයි. ඒ අනුව මුළු වැලිවේරියම මෙම ජුබිලි සැමරුම අර්ථාන්විතව සැමරීමට මේ වන විට බොහෝ සැලසුම් කි‍්‍රයාත්මක කර ඇත.

අධ්‍යත්මික වැඩසටහන් මේ වන විටත් සැදෑහැවතුන් වෙත අරඹා ඇත. ගරු සහෝදර තුමන්ලා විසින් නිවෙස් බැහැ දැක අසිරි ගන්වා යාච්ඤා මෙහෙයන් පැවැත්වීමෙන් අණතුරුව සවස පූජාවන් පවත්වමින් සැදෑහැවතුන් මානසික අධ්‍යත්මික පෝෂණයක් ඇති කරමින් තිබේ. තවද මහ ධර්ම විවේක , මීසම් පවුල එක්ව වන්දනා ගමනක යෑම්, පවුල් දිනයක්, සුව මෙහෙය නිවෙස් කැප කරමින්, දෙමාපියන්,වැඩිහිටියන්,තරුණ තරුණියන් පාසල් දරුවන් සඳහා අධ්‍යත්මික වැඩ සටහන් සංවිධානය කර ඇත.

දේවස්ථානය නවීකරණය කර අලංකාර කිරීම, දේවස්ථාන භූමිය අලංකාර කිරීම, බැතිමතුන්ගේ අවශ්‍යථා සඳහා විවිධ ගොඩනැගිලි ඉදිකිරීම් හා අලූත් වැඩියා කිරීම්, බාහිර කටයුතුද ජුබිලි සමරු පොත, ජුබිලි ගීතය වැනි අංගද මෙම සැමරුම වෙනුවෙන් ඉටු කිරීමට සැලසුම් සකසා ගෙන තිබේ. මේ කටයුතු සාර්ථක කරවීම සඳහා අප මීසම් පාලකවරයාණන් ගරු ලක්ප‍්‍රීය නෝනිස් පියතුමා මහත් වෙහෙසක් ගෙනමින් අප ජනතාව ධෛර්මත් කරමින් සිටී. මෙම කාර්යයන් අතරේ තවත් උතුම් කාර්යයක් සිදුවෙමින් පවතී.

එනම් දෙව්වැදුරේ අසිරිය නමින් එහි ඉතිහාසය අලලා පොතක් සම්ප‍්‍රාදනය වෙමින් තිබේ. අපේ මුතුන් මිත්තන්ගේ කිතුනු භක්තියේ අධ්‍යාත්මය විදහපාමින් ඉදිකල මෙම දෙව් මැදුරේ ඉතිහාසය මෙන්ම දෙවුමැදුරේ ප‍්‍රගමනය වෙනුවෙන් පසු කාලීනව කැපවූවන්ගේ තොරතුරු සිද්ධීන් අලලා මෙම පොත ලියවෙමින් තිබේ.

දෙව් මැදුර ගොඩනැගීමේ දුෂ්කර කාර්යය සඳහා දායක වෙමින් මූලිකත්වය ගෙන කටයුතු කල අප පියතුමන්ලාගේ කැපකිරීම්, හා එඩිතර බාවය ද මෙම පොතේ ලියවෙනු ඇත්තේ මහත් අභිමානයකින් යුතුවය. අප කතෝලික ජනතාවගේ කතෝලික විශ්වාසයත්, ඇදහිල්ලත්,කැපකිරීමත්, හා පරිත්‍යගයන් පිළිබඳ වූ ගෑඹූර අප අනාගත පරපුර තුල ජනිත කරවමින් තව තවත් මේ දෙව් මැදුරේ අභිමානය ඔප් නංවන්නට මේ පොත තුළින් මෙහෙයක් වෙනු ඇත.

මෙම පොත ලිවීමේදී අවශ්‍ය වන පැරිණී මූලාශ‍්‍ර මෙන්ම දෙව් මැදුරේ යට ගියාවන් පිළිබඳ මතකයන් ඔබ සතුව ද තිබිය හැකිය. එම තොරතුරු හා මූලාශ‍්‍රයන් මෙන්ම දෙව්මැදුරේ තතු ඇතුළත් පත පොතද ඔබ සතුව ඇතැයි සිතමු. අභිනවයෙන් ලියවෙන පොතට මෙම දේවල් ඉතා අවශ්‍යය. එසේ හෙයින් ඔබ සතු තොරතුරු අප වෙත ලබාදෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු දෙව්මැදුරේ ඉතිහාසය එක් පොතක ලියවෙන මෙම උතුම් කාරයයේ ඔබත් කොටස් කරුවෙකු වෙන මෙන් ඉල්ලා සිටිමු ඔබ සතු තොරතුරු ලබා දීම සඳහා අවශ්‍ය ලිපින හා දුරකතන අංක පහතින් දක්වා ඇත.
ඔබ සැමට ජේසූ පිහිටයි

ගරු පියතුමා
සාන්ත අන්තෝනි දෙව්මැදුර
වැලිවේරිය